වස්කඩුවට මළ සිරුරක් ගොඩගසයි
වස්කඩුව ප්රදේශයේ සංචාරක හෝටලයක් පිටුපස මුහුදු වෙරළට පුද්ගල මළසිරුරක් ගොඩගසා ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි .
මියගොස් ඇති පුද්ගලයා කවුරුන්ද යන්න මෙතෙක් හදුනාගෙන නොමැත.
මෘතදේහය හදිසි මරණ පරීක්ෂණයෙන් පසු කළුතර ශීක්ෂණ රෝහලට රැගෙන යාමට නියමිතය.
මෙම පුද්ගලයා වයස අවුරුදු 70 ක පමණ පුද්ගලයකු බවත් ලා දුඹුරු පැහැති ටී ෂර්ට් සැරසී සිටින බවත් පොලිසිය පවසයි .
කළුතර උතුර ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලක මහතා ගේ ප්රධානත්වයෙන් විවිධ පැමිණිලි අංශය පරීක්ෂණ පවත්වති.
@දිනමිණ
Please follow and like us: