Latestදේශීය

රනිල්ගේ ප්‍රචාරක සැලසුම ‌එළියට

රජයේ සම්පත් යොදවා ජනාධිපති මාධ්‍ය ඒකකය හරහා තම ප්‍රචාරක කටයුතු ඉටුකර ගැනීමට රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් සකස් ලද අලුත්ම සැලැස්ම පිළිබඳව තොරතුරු හෙළිවී තිබේ.

ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ අත්සනින් සියලුම අමාත්‍යංශ ලේකම්වරුන් වෙත මෙම ප්‍රචාරක කටයුතු සම්බන්ධ නිල නිවේදනය යවා ඇත. ඒ අනුව එක් එක් අමාත්‍යංශ විසින් ජූනි 16 වෙනිදා සිට අගෝස්තු 28 වෙනි දින දක්වා මාධ්‍ය හමු 29ක් පවත්වමින් ප්‍රචාරක කටයුතු කිරීමට සැලසුම් කර තිබේ.

මුලින් ම, පරිසර අමාත්‍යංශයෙන් එය ආරම්භ කර අගෝස්තු 28 වෙනි දින ජනමාධ්‍ය අමාත්‍යංශයෙන් අවසන් කිරීමට නියමිත ය. “රජයේ සංවර්ධන වැඩ සටහන් හා ව්‍යාපෘති සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීම“ යන සිරස්තලයෙන් අමාත්‍යංශ ලේකම්වරුන් හට නිල දැනුම්දීම කර තිබේ. ඒ පිළිබඳ වැඩි විස්තර ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ගෙන් ලබා ගන්නා ලෙස ද දන්වා ඇත.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *