Latestදේශීය

ගංවතුර වැලැක්වීමට ගම්පහ ජල මූලාශ්‍ර පිරිසිදු කිරීම අරඹයි

ගම්පහ නගරය ආශ්‍රිතව ජල මුලාශ්‍ර පිරිසිදු කිරිම ආරම්භ කර තිබේ.පසුගිය දා අධික වර්ෂාපතනය හේතුවෙන් ගම්පහ නගරය ජලයේ යට වු අතර එවැනි ආපදාවක් යළිත් ඇති නොවිමට කඩිනමින් ක්‍රියාමාර්ග ගන්නා ලෙස   නාගරික සංවර්ධන හා නිවාස අමාතංශය  ඉඩම් සංස්ථා නිලධාරින්ට උපදෙස් ලබා දී තිබේ.

ඒ අනුව අමාත්‍යාංශ ලේකම් ඒස.සත්‍යනන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේ දි නගරය ආශ්‍රිත ඇලමාර්ග හා ජලපෝෂක ප්‍රදේශවල සිරවි ඇති අපද්‍රව්‍ය මෙන් ම ඒ ආශ්‍රිත අනවසර ඉදිකිරිම් හා තාවකාලික ඉදිකිරිම් ගම්පහ නගරය යටවිමට මුලික හේතුව බව හදුනා ගෙන තිබේ.

මේ යටතේ ගම්පහ නගර මධ්‍යයේ ප්‍රධාන ඇල මාර්ගය හා කුණ්ඩි ඇලහා ඒ හා සම්බන්ධ ජලමාර්ගවල සිරවී ඇති අපද්‍රව්‍ය,ජපන්ජබර , පාසි ඉවත් කිරිම ශ්‍රි ලංකා ඉඩම් සංවර්ධනය කිරිමේ සංස්ථාව මේ වන විට ආරම්භ කර තිබේ.මීට පෙරද මෙම ඇල මාර්ග ආශ්‍රිතව පිරිසිදු කිරිමේ ව්‍යාපෘතියක් ශ්‍රි ලංකා ඉඩම් සංවර්ධනය කිරිමේ සංස්ථාව මගින් ක්‍රියාත්මක කර තිබිණි.මෙම පිරිසිදු කිරිමේ ව්‍යාපෘතිය දිගටම ක්‍රියාත්මක කරන ලෙස අමාත්‍යවරයා නිගධාරින්ට උපදෙස් ලබා දි තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *