G-7 නායක සමුළුව පැවැත්වෙද්දී ඉතාලි පාර්ලිමේන්තුවේ ගැටුමක්
දකුණුදිග ඉතාලියේ ජනතාව අතර දරිද්‍රතාව ඉහළ යෑමේ අවදානමක් ඇතැයි ඉතාලි පාර්ලිමේන්තුවේ පෙරේදා විපක්ෂය විසින් සිදු කළ ප්‍රකාශයකින් පසු ගුටිබැට හුවමාරුවක් සිදුවීමෙන් විපක්ෂයේ මන්ත්‍රීවරයකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ජී-7 රටවල් හතේ නායකයන්ගේ වාර්ෂික සමුළුව මේ වන විට දකුණුදිග ඉතාලියේ අපුලියා ප්‍රාන්තයේ පැවැත්වෙමින් තිබියදී පාර්ලිමේන්තුවේ ගුටිබැට හුවමාරුවක් සිදුවීම නිසා ඉතාලි රජය දැඩි කනස්සල්ලට පත් වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. ජි-7 රාජ්‍ය නායකයන්ගේ තුන්දින සමුළුව අද (15) අවසන් විමට නියමිත අතර, අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ඇතුළු යුරෝපීය සංගමයේ සහ තවත් කාර්මික රටවල් 6ක රාජ්‍ය නායකයන් එම සමුළුවට එක්වී සිටින බව වාර්තා වේ.

පාර්ලිමේන්තුවේ ප්රචණ්ඩත්වය හෙළා දකිමින් ඉතාලි විදේශ ඇමැති ප්‍රකාශ කර ඇත්තේ දේශපාලන ආරවුල් ගැටුමකින් තොරව විසඳා ගැනීම පක්ෂ විපක්ෂ දෙපාර්ශ්වයෙහිම වගකීම බවය. විදෙස් රාජ්‍ය නායකයන්ගේ සමුළුවක් පැවත්වෙමින් තිබියදී පාර්ලිමේන්තුවේ මෙවැනි ගැටුමක් සිදුවීම කනගාටුදායක කාරණාවක් බවත් ඉතාලි විදේශ ඇමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

