Latestවිදේශීය

ඉන්දීය විදේශ කටයුතු ඇමති ලංකාවට

ඉන්දීය විදේශ කටයුතු ඇමැති ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා මේ මස ශ්‍රී ලංකාවට පැමිණෙන බව විදේශ ඇමැති ජනාධිපති නීතීඥ අලි සබ්‍රි මහතා පවසයි.

ඒ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරයට පෙර දෙරට අතර ක්‍රියාත්මක ව්‍යාපෘති සමාලෝචනය කිරීම සඳහාය.

ඉන්දීය විදේශ ඇමැතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය තහවුරු වූයේ පසුගිය සතියේ සිදු කෙරුණු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඉන්දීය සංචාරයේදීය.

විදේශ ඇමැති අලි සබ්‍රි මහතා පැවසුවේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට කළ ආරාධනය ඉන්දියාවට අසල්වැසියන් සමඟ සමීපව කටයුතු කිරීමට අවශ්‍ය බව පෙන්නුම් කරන බව පැවසීය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා පැවසුවේ “අපට අවශ්‍ය වන්නේ එම ගම්‍යතාවය මත ගොඩ නැගීමටයි,”

“අපට හැඟෙන්නේ ඉන්දියානුවන් සමඟ ඔවුන්ගේ ආයෝජන ප්‍රදේශය, මිනිසුන් අතර සම්බන්ධතා, සංචාරක ව්‍යාපාරය සහ විදුලිය වැනි සම්බන්ධතා මෙන්ම ගොඩබිම සහ මුහුද, ගුවන් සහ එහි අනෙකුත් මාතයන් සම්බන්ධව දිගටම කටයුතු කිරීමට අවශ්‍ය බවයි. ”

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *