Latestක්‍රීඩාදේශීය

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ විශිෂ්ඨ ජයක් ලබති

ශ්‍රී ලංකා – කොදෙව් කාන්තා ක්‍රිකට් එක්දින තරඟාවලි​යේ පළමු තරඟ​යේ ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය.

ඒ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම කඩුලු 06කින් පරාජයට පත් කරමින්ය.

හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (15) ආරම්භ වූ තරඟ​යේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට කොදෙව් කණ්ඩායමට ආරාධනා කරන ලදි.

ඒ අනුව, පිටියට පිවිසි කොදෙව් කාන්තා කණ්ඩායමට පන්දුවාර 47යි එක් පන්දුවක් අවසානයේ කඩුලු සියල්ල දැවී ලකුණු 197ක් රැස් කිරීමට සමත් විය.

කොදෙව් කණ්ඩායමේ නායිකා Hayley Matthews ලකුණු 38 (53) ක්ද, Shemaine Campbelle ලකුණු 27 (51)ක් ද, Aaliyah Alleyne ලකුණු 14 (19) ක්ද රැස් කිරීමට සමත් වුණි.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ සුගන්ධිකා කුමා​රි සහ කවිශ්කා දිල්හා​රි කඩුලු 03 බැගින්ද, නායිකා චමරි අතපත්තු සහ අචිනි කුලසූරි​ය එක් කඩුල්ල බැගින් දවාගත්තේය.

අනතුරුව ලකුණු 198ක පිළිතුරු ඉලක්කයක් සහිතව පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 34යි පන්දු 01ක දී කඩුලු 04ක් දැවී ලකුණු 198ක් ලබා ගනිමින් කොදෙව් කාන්තා කණ්ඩායම පරදා ජය වාර්තා කිරීමට සමත් විය.

විශ්මි ගුණරත්​න ලකුණු 40(50)ක් ද, චමරි අතපත්​තු ලකුණු 38(36)ක්ද, හසිනි පෙරේ​රා ලකුණු 43(59)ක්ද, හර්ශිතා සමරවික්‍ර​ම නොදැවී ලකුණු 44(53)ක්ද රැස් කිරීමට සමත් වුණි.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *