Latestවිදේශීය

පුටින් උතුරු කොරියාවට – බටහිර රටවල් කම්පනයක

රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් උතුරු කොරියාවේ සංචාරයක යෙදීම බටහිර රටවල්වලට මෙන් ම යුරෝපා සංවිධානයට දැඩි කම්පනයකට හේතු වී ඇති බව ජාත්‍යන්තර දේශපාලන විචාරකයන් පෙන්වා දී තිබේ.

රුසියානු නායකයා උතුරු කොරියාවට සංචාරයක් සඳහා පැමිණෙන්නේ වසර 24කට පසුව වන අතර, එය හෙට දිනයේදී ආරම්භ කිරීමට නියමිතව ය. විශේෂයෙන්ම යුක්‍රේන යුද්ධයේදී උතුරු කොරියාවේ නිෂ්පාදිත අවි විශාල ප්‍රමාණයක් රුසියාවට ලබා දී ඇති බව බටහිර රටවල චෝදනාවක් වී තිබේ.

මීට අමතරව, නෙටෝ සංවිධානයේ මහ ලේකම් ජෙන්ස් ස්ටොල්ටන්බර්ග් (Jens Stoltenberg) චීනය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක චෝදනාවක් බීබීසීය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී එල්ල කිරීම සම්බන්ධයෙන් ද දේශපාලන නිරීක්ෂකයන්ගේ දැඩි අවධානය යොමු වී තිබේ. ඔහු එම සාකච්ඡාවේදී පවසා ඇත්තේ චීනය රුසියාව සමඟ පවත්වාගෙන යන සම්බන්ධතාවලදී යුද කටයුතු පිළිබඳ සංවේදීව ක්‍රියා කිරීම සම්බන්ධයෙන් චීනයට එරෙහිව සම්බාධක පවා පැනවිය යුතු බව ය. රුසියානු නායකයාගේ උතුරු කොරියානු සංචාරය පිළිබඳව බටහිර රටවල් එක් පැත්තකින් කම්පනයකට පත් වී සිටින අතර නෙටෝ යුද සංවිධානයේ ප්‍රධානියා චීනය සම්බන්ධයෙන් ද ආක්‍රමණශීලී ප්‍රතිචාරයක් දැක්වීමෙන් පවතින තත්වයේ බැරෑරුම් බව කෙතරම් දැයි පැහැදිලි වන්නේ යැයි එම විශ්ලේෂකයන් වැඩි දුරටත් පෙන්වා දී තිබේ.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *