නෙතන්යාහු යුද කැබිනෙට්ටුව විසුරුවයි
ඊශ්‍රායලයේ විපක්ෂ නායක බෙනී ගාන්ට්ස් සහ ඔහුගේ හිතවාදියකු වන ගාඩි අයිසෙන්කොට් ඉල්ලා අස්වීමෙන් පසු ඊශ්‍රායල යුද කැබිනෙට්ටුව විසුරුවා හැරීමට අගමැති බෙන්ජමින් නෙතන්යාහු පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ගාසා තීරයේ යුද අර්බුදය පිළිබඳ පළවූ පරස්පර විරෝධී අදහස් සහ යෝජනා හේතුවෙන් යුද කැබිනෙට්ටුව අගමැතිවරයා විසින් විසුරුවා හරිනු ඇතැයි මීට පෙර අනාවැකි පළ වී තිබූ බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
ඉදිරියේදී ගාසා තීරයේ හමාස් සංවිධානයට එරෙහි යුද්ධය සම්බන්ධව තීරණ ගැනීම එරට පූර්ණ කැබිනට් මණ්ඩලය විසින් ගනු ලබනු ඇතැයි ඊශ්‍රායල රජයේ ප්‍රකාශකයකු සඳහන් කර ඇතැයි ද වාර්තා වේ.
යුද කැබිනෙට්ටුව විසුරුවා හැරීමෙන් ඊශ්‍රායල ආරක්ෂක හමුදාවේ ගාසා යුද ක්‍රියාන්විතයට කිසිදු අයුරක බලපෑමක් නොවනු ඇතැයි ද වාර්තා වේ. හමාස් සංවිධානයට එරෙහි යුද්ධය සඳහා එරට පූර්ණ කැබිනට් මණ්ඩලයට අගමැති නෙතන්යාහුගේ ආරක්ෂක මණ්ඩලය ද සහාය වනු ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

