බොලිවුඩ් ගායිකා අල්කා යාග්නික්ට දුර්ලභ ශ්‍රවණාබාධයක්
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය පසුබිම් ගායිකාවක වන අල්කා යාග්නික්ට දුර්ලභ වර්ගයේ ශ්‍රවණාබාධයක් වැලඳී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. පසුගියදා සංචාරයකින් පසු ගුවන් යානයෙන් පිටතට පැමිණීමේදි දෙසවන් අගුළු වැටී තිබූ බවත්, එය වයිරසයක් හේතුවෙන් ඇතිවූ ආබාධයක් බවත් වෛද්‍ය නිගමනය වූ බව ඇය සිය ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ මාධ්‍යජාලා ගිණුමෙහි සටහන් කර ඇතැයි වාර්තා වේ. ඇය මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටින අතර, ඉදිරියේදී යළි ගී ගැයීමට එක්වන බව ඇය සිය රසික රසිකාවියන්ට දැනුම් දුන් බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
සම්මානලාභී චිත්‍රපට පසුබිම් ගායිකාවක වන 58 හැවිරිදි අල්කා යාග්නික් ෆිල්ම් ෆෙයාර් සම්මාන 7කට හිමිකම් කියන අතර, ඇය ගැයූ “මෙරේ අන්ගනේ මේන්, දේකා හී පැහැලී බාර්, බාසිගර් ඕ බාසිගර්, රාජා කෝ රාණි සේ,‘ඒක් දෝ තීන්‘, චෝලිකේ පීචේ ක්යාහේ, දිල් ලගා ලියා, කබී අල්විදා නා කෙහ්නා” වැනි ගීත රැසක් මෙරට ගීතලෝලීන් අතර ද අතිශය ජනප්‍රියත්වයට පත් විය.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

