Latestවිදේශීය

බොලිවුඩ් ගායිකා අල්කා යාග්නික්ට දුර්ලභ ශ්‍රවණාබාධයක්

බොලි­වුඩ්  සින­මාවේ අති­ශය ජන­ප්‍රිය පසු­බිම් ගායි­කා­වක වන අල්කා යාග්නික්ට දුර්ලභ  වර්ගයේ ශ්‍රව­ණා­බා­ධ­යක් වැලඳී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. පසු­ගි­යදා  සංචා­ර­ය­කින් පසු ගුවන් යාන­යෙන් පිට­තට පැමි­ණී­මේදි දෙස­වන් අගුළු වැටී තිබූ  බවත්, එය වයි­ර­ස­යක් හේතු­වෙන් ඇතිවූ ආබා­ධ­යක් බවත් වෛද්‍ය නිග­ම­නය වූ බව ඇය සිය  ඉන්ස්ට­ර්ග්‍රෑම් සමාජ මාධ්‍ය­ජාලා ගිණු­මෙහි සට­හන් කර ඇතැයි වාර්තා වේ. ඇය  මේ වනවිට ප්‍රති­කාර ලබ­මින් සිටින අතර, ඉදි­රි­යේදී යළි ගී ගැයී­මට එක්වන බව  ඇය සිය රසික රසි­කා­වි­යන්ට දැනුම් දුන් බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

සම්මා­න­ලාභී  චිත්‍ර­පට පසු­බිම් ගායි­කා­වක වන 58 හැවි­රිදි අල්කා යාග්නික් ෆිල්ම් ෆෙයාර්  සම්මාන 7කට හිමි­කම් කියන අතර, ඇය ගැයූ “මෙරේ අන්ගනේ මේන්, දේකා හී පැහැලී  බාර්, බාසි­ගර් ඕ බාසි­ගර්, රාජා කෝ රාණි සේ,‘ඒක් දෝ තීන්‘, චෝලිකේ පීචේ  ක්යාහේ, දිල් ලගා ලියා, කබී අල්විදා නා කෙහ්නා” වැනි  ගීත රැසක් මෙරට  ගීත­ලෝ­ලීන් අතර ද අති­ශය ජන­ප්‍රි­ය­ත්ව­යට පත් විය.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *