ෆයිසර් එන්නතට නඩු
කොවිඩ් වයිරසයට එරෙහිව නිෂ්පාදනය කළ ෆයිසර් එන්නත්කරණයෙන් සිදුවන අතුරු ආබාධ සහ අවදානම සඟවා ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් එම ප්‍රාන්තයේ පාරිභෝගික ආරක්ෂණ නීතිය උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් අමෙරිකාවේ කැන්සාස් ප්‍රාන්ත බලධාරීන් ෆයිසර් සමාගමට එරෙහිව නඩු පවරා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.. ෆයිසර් එන්නතෙහි සෞඛ්‍ය ආරක්ෂිතභාවය අභියෝගයට ලක් කරමින් කැන්සාස් ප්‍රාන්තයේ නීතිපතිවරයා වන ක්‍රිස් කොබැච් තෝමස් කවුන්ටි හි දිස්ත්‍රික් උසාවියේ එම නඩුව ගොනු කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
ෆයිසර් එන්නත ආරක්ෂිත බවට ප්‍රකාශ කරමින් එහි අතුරු ආබාධ පිළිබඳ අධ්‍යයනයන කිරීමකින් තොරව ජනතාව නොමඟ යවා ඇතැයි ද කැන්සාස් නීතිපතිවරයා චෝදනා කර ඇතැයි ද වාර්තා වේ. ෆයිසර් සමාගම සිය එන්නතෙහි ආරක්ෂිතභාවය ප්‍රවර්ධනය කළද, එහි ගැබ්ගැනීමේ සංකූලතා, ගබ්සාවීම් සහ හෘද රෝග වැනි අතුරු ආබාධ රැසක් සිදුවන බව ද චෝදනා අතර වේ.

@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

