Latestදේශීය

පියුමිගේ වත්කම් පිළිබඳ විමර්ශන දිගටම

නිරූපණ ශිල්පිණි පියුමී හංසමාලිගේ වත්කම් සම්බන්ධයෙන් ආරම්භ කර ඇති විමර්ශනයට අදාළව මෙරට පෞද්ගලික ආයතනයකට සම්බන්ධ ඉහළ පෙලේ නිලධාරියෙකුගෙන් ප්‍රශ්න කිරීමට නියමිතව තිබේ.

පොලිසියේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් ඔහුට ප්‍රකාශයක් ලබා ගැනීමට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණද ඔහු මේ වනතුරු ඒ සඳහා පැමිණ නැති බවද වාර්තා වෙයි.

පියුමි හංසමාලිගේ ප්‍රධාන ආදායම් ලෙස ඇය සඳහන් කර ඇති ආයතන සම්බන්ධයෙන්ද මෙවන විට විමර්ශන පවත්වමින් ඇත.

ඇයට සමීපතම පුද්ගලයන්ගේද බැංකු ගිණුම් පරීක්ෂාකොට ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමටද රහස් පොලිසිය මේ වන විට විමර්ශන පවත්වමින් සිටී.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *