Latestදේශීය

මුහුදේදී ධීවරයෙක් ඝාතනය කෙරේ

බේරුවල ධීවර වරායේ සිට බහුදින ධීවර යාත්‍රාකින් මුහුදු ගිය ධීවරයින් පිරිසක් අතර සිටි අයෙක් එහි සිටි තවත් ධීවරයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.

නින්දේදී කකුලක් පෑගීමේ සිද්ධියක් හේතුවෙන් ඇති වූ බහින්බස්වීමකින් පසු මෙම ඝාතනය සිදුව ඇති බව පොලීසිය පැවසුවේය.

අනතුරුව සෙසු ධීවරයන් පිරිස, ඝාතනය සිදුකළ ධීවරයා ගැටගසා ගොඩබිමට රැගෙනවිත් තිබේ.

‘සහන් පුතා’ නම් බහුදින ධීවර යාත්‍රව පසුගිය පසුගිය 09 වැනිදා දියඹට ගොස් ඇත්තේ ධීවරයින් පස් දෙනෙකු ද සමගිනි.

මුහුදු සැතපුම් 180ක් පමණ ගැඹුරු මුහුදේදී නිදාගෙන සිටි එක් ධීවරයෙකුගේ කකුල තවත් ධීවරයෙකුට සිදු වූ අත්වැරදීමකින් පෑගී තිබේ.

එම අවස්ථාවේදී නිදාගෙන සිටි ධීවරයා නැගිට අසල වූ තියුණු ආයුධයකින් කකුල පාගන ලද ධීවරයාගේ උදරයට පහරදී ඇති බව පොලීසිය සඳහන් කළේය.

එහිදී අදාළ ධීවරයා මියගොස් ඇති අතර පහරදුන් ධීවරයාගෙන් සෙසු පිරිස සිදුවීම පිළිබඳව විමසා තිබේ.

සෙසු පිරිසට ද ඔහු එම අවස්ථාවේදී තර්ජනය කර ඇත්තේ පහර දෙන බව පවසමිනි.

එම අවස්ථාවේදී අදාළ පිරිස එක්ව ඝාතනය සිදුකරන ලද ධීවරයා අල්ලා ගැටගසා ගොඩබිමට අද දිනයේදී ගෙන එනු ලැබීය.

මෙම ඝාතනය ඊයේ දිනයේදී සිදුව ඇති අතර අදාළ යාත්‍රාව අද දිනයේදී ගොඩබිමට පැමිණියේය.

ඒ් අනුව බේරුවල පොලීසිය දැනුවත් කිරීමෙන් අනතුරුව පොලීසිය මඟින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.

දින එකහමාරක් පමණ ගැටගසා තිබීම හා ඇති වූ පොබැදීම් හේතුවෙන් තුවාල ලබා තිබීම නිසා සැකකරු රෝහල්ගත කළ බව පොලීසිය පැවසුවේය.

ඔහුගෙන් පොලීසිය සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත්තේ, තමන් නින්දේ සිටියදී කකුල පෑගීම හේතුවෙන් ඇති වූ ක්ෂණික කෝපය හේතුවෙන් මෙම ඝාතනය සිදුකළ බවය.

එලෙස ඝාතනයට ලක්ව තිබුණේ බේරුවල රොක්ලන්ඩ්වත්ත ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි උපුල් ශාන්ත ප්‍රනාන්දු නම් අයෙකි.

@sinhala.adaderana.lk

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *