Latestදේශීය

අධ්‍යාපන කප්පාදුවට එරෙහිව නුවරඑළිය මහජන කවුන්සිලයෙන් දැඩි ක්‍රියාමාර්ග

නුවරඑළිය මහජන කවුන්සිලය ඊයේ (22) අධ්‍යාපනය සම්බන්ධයෙන් ඇතිවී තිබෙන අර්බුදකාරී තත්ත්වය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පැවැත්වුවා. ඒ මහජන කවුන්සිලය සඳහා ව්‍යාපාරයේ මෙහෙයුම් කමිටු සාමාජික වසන්ත මුදලිගේ සහ නුවරඑළිය මහජන කවුන්සිලයේ සාමාජික සාමාජිකාවන්ගේ සහභාගිත්වයෙන්.

මෙහිදී මූළික වශයෙන් සාකච්ඡාවට බදුන් වූයේ අධ්‍යාපනය විකිණීමට සහ ප්‍රතිපාදන කප්පාදු කිරීමට ගෙන ඇති තීරණ හේතුවෙන් දිස්ත්‍රික් ගණනාවක පාසැල් අධ්‍යාපනයට ඇතිවී තිබෙන බාධාවන් පිළිබඳවයි. තවද එම දිස්ත්‍රික් අතුරින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ අධ්‍යාපනයට ඇතිවී තිබෙන සුවිශේෂී ගැටළු පිළිබදව මෙහිදී කරුණු ඉදිරිපත් වූ අතර සිසුන්, ගුරුවරුන් මෙන්ම දෙමාපියන් ඒ තුළ පීඩාවට පත්ව ඇති අයුරු කරුණු සහිතව සාකච්ඡා වුණා.

මේ වනවිට පාසැල් කිහිපයක් වසාදැමීමට අන්ඩුව කටයුතු කර ඇති බවත්, උග්‍ර ගුරු හිඟය, අවම යටිතල පහසුකම් හෝ නොමැති කම, මුදල් අයකිරීම් මෙන්ම කළමණාකරණ ගැටලු හේතුවෙන් අසීරුවෙන් පවත්වාගෙන යන අධ්‍යාපන ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම කඩාකප්පල් වීමට ඇති ඉඩ පිළිබදවත් මෙහිදී සාකච්ඡා කෙරුණා.

මෙම තත්ත්වයට එරෙහිව නුවරඑළිය මහජන කවුන්සිලය ලෙස ඉදිරියේදී ගතහැකි උපරිම ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කළ අතර ඒ සදහා ප්‍රායෝගික වැඩපිළිවෙලක් ද සකස් කරන ලදි.

මාධ්‍ය ඒකකය (මහජන කවුන්සිලය සඳහා ව්‍යාපාරය)

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?