Latestදේශීය

විදුලි ගාස්තු සංශෝධනය ජූලි 15 ප්‍රකාශයට පත්කෙරේ

(නාගොඩ සුමන උදයන්ත)

විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ අවසන් තීරණය ලබන 15 වැනිදා ප්‍රකාශයට පත්කරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.

ඊට අදාළ ලිඛිත මහජන අදහස් විමසීම ලබන 08 වැනිදා දක්වා ක්‍රියාත්මක කරන බව පවසයි.

ලබන 09 වැනිදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී මහජන අදහස් විමසීම සිදුවන බව කොමිෂන් සභාව පවසයි.

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ලංකා විදුලි බල මණ්ඩලය සකස් කර යෝජනාවලියේ පසුගියදා මහජන උපයෝගීතා කොමිෂමට බාරදීම සිදුවිය.

ඉන් යෝජනා කර ඇත්තේ විදුලි ගාස්තු අඩුකිරීමටයි.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *