Uncategorized

රුපියල් ලක්ෂ 80ක වංචාවකට කළමණාකරුවෙක් අත්අඩංගුව‌ට

රුපියල් ලක්ෂ 80ක් පමණ වටිනා ස්වර්ණාභරණ සහ මුදල් වංචා කළ කළමණාකාරවරයෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

හැටන් මල්ලිඅප්පුව නගරයේ, ස්වර්ණාභරණ උකස් ගන්නා පෞද්ගලික මධ්‍යස්ථානයක සේවය කළ කළමණාකාරවරයෙකු හැටන් පොලිස් කොට්ඨාශයේ විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබුණි.

අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ (26) හැටන් මහෙස්ත්‍රාත් එම්.ෆරුක්ඩින් මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු ජූලි මස 09 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ, එම පෞද්ගලික උකස් මධ්‍යස්ථානයේ කළමණාකරු වශයෙන් සේවය කළ අයෙකි.

සැකකරු වසර කිහිපයක් එම උකස් මධ්‍යස්ථානයේ කළමණාකරු වශයෙන් සේවය කර ඇති බවත්, එම උකස් මධ්‍යස්ථානයේ හිමිකරු මාස තුනක් විදේශගතව සිට යළිත් දිවයිනට පැමිණ එම උකස් මධ්‍යස්ථානයේ උකස් කර තිබු ස්වර්ණාභරණ සහ මුදල් පරීක්ෂා කර තිබේ.

එහිදී රුපියල් ලක්ෂ 80ක පමණ ස්වර්ණාභරණ සහ මුදල් අස්ථානගත වී ඇති බවට තහවුරු වීමෙන් පසු උකස් මධ්‍යස්ථානයේ හිමිකරු විසින් කළමණාකරුට එරෙහිව හැටන් පොලිස් කොට්ඨාශයේ විශේෂ අපරාධ විමර්ශන ඒකකය වෙත පැමිණිලි කර තිබේ.

@sinhala.adaderana.lk

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?