Latestදේශීය

“ඩෙවොන් 5” රෝගී ධීවරයකු විජයබාහු නෞකාවට

මුහුදේ පාවෙමින් තිබූ බෝතලයක ද්‍රවයක් පානය කර රෝගී තත්ත්වයෙන් සිංගප්පූරු වෙළෙඳ නෞකාවකට ලබාගත් ධීවරයා නාවික හමුදාවේ විජයබාහු නෞකාවට ලබාගෙන තිබෙන බව වාර්තා වේ.මෙලෙස “ඩෙවොන් 5” බහුදින ධීවර යාත්‍රාවේ සිටි රෝගී ධීවරයා මෙන්ම මියගිය ධීවරයාගේ සිරුර ද රැගෙන ආ බව වාර්තා වේ.රෝගී තත්ත්වයේ සිටින ධීවරයාට විජයබාහු නෞකාවේදී සිය වෛද්‍ය කණ්ඩායම හදිසි ප්‍රතිකාර ලබා දෙමින් ගොඩබිම වෙත යාත්‍රා කරමින් සිටින බව නාවික හමුදාව සඳහන් කළේ ය.මුහුදේ පාවෙමින් තිබූ බෝතලයක දියරයක් පානය කිරීමෙන් මේ වනවිට “ඩෙවොන් 5” නමැති අදාළ බහු දින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් 5 දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ.මෙලෙස මියගොස් තිබුණේ යාත්‍රාවේ ස්කිපර්වරයා වන 42 හැවිරිදි නයන කාන්ත , 24 හැවිරිදි පැතුම් දිල්ශාන්, 32 හැවිරිදි සුජිත් සංජීව , 33 හැවිරිදි ප්‍රදීප් නිශාන්ත සහ 68 හැවිරිදි අජිත් කුමාර යන ධීවරයින් 5 දෙනා බව සදහන්.

අදාල යාත්‍රාව පසුගියදා තංගල්ල වරායෙන් මුහුදු ගොස් තිබු බව සදහන්. 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *