බ්‍රිතාන්‍ය මහමැතිවරණය ඇරඹේ
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මහ මැතිවරණය අද (04) පැවැත් වේ.
පෙරවරු 7.00ට ආරම්භ වන ඡන්ද විමසීම රාත්‍රී 10.00 දක්වා පැවැත්වීමට නියමිතය.
පසුගිය මැයි 22 දින පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් අග්‍රාමාත්‍ය රිෂී සුනක් විසින් මහ මැතිවරණයක් පැවැත්වීම සඳහා අවස්ථාව ලබාදෙනු ලැබීය.
මෙවර මැතිවරණය සඳහා බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂි සුනක් නියෝජනය කරමින් කන්සර්වේටිව් පක්ෂය ද විපක්ෂ නායක කීර් ස්ටාමර් නියෝජනය කරමින් කම්කරු පක්ෂය ද මැතිවරණයට ඉදිරිපත් වී සිටී.
මහ මැතිවරණයෙන් මන්ත්‍රීවරුන් 650ක් තෝරා ගැනීමට නියමිතය.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

