රේගු වෘත්තීය ක්‍රියාමාර්ග අවසන්
රේගු වෘත්තීය සමිති විසින් ක්‍රියාත්මක කළ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කර තිබේ.
මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බව වෘත්තීය සමිති නියෝජිතයින් පවසයි.
අත්තනෝමතික ලෙස ආදායම් අධිකාරී පනතක් ගෙනඒම හා රේගු ආඥා පනතේ වගන්ති කිහිපයක් සංශෝධනය කිරීමට විරෝධය පළ කරමින් අද සහ හෙට යන දෙදින තුළ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට රේගු නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබුණා.
කෙසේවෙතත් මෙම ක්‍රියාමාර්ගය හේතුවෙන් අද දිනයේ භාණ්ඩ නිෂ්කාසන කටයුතුවලට බාධා එල්ල වුණි.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

