Latestදේශීය

අල්ලස් ගත් පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට

මහබාගේ පොලීසියට අනුයුක්තව සේවය කරන පොලිස් පරීක්ෂකවරයෙක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

වත්තල, පල්ලියවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පැමිණිලිකරු විසින් ලබාදී ඇති අගරු චෙක්පත් 2කට අදාළව මහබාගේ පොලිස් ස්ථානයේ කර ඇති පැමිණිල්ල විභාග කර, ඉතිරි මුදල මාසික වාරික ලෙස ගෙවීමට ඉඩ සලසා දිමට හා පැමිණිලිකරු අධිකරණයට ඉදිරිපත් නොකර සිටීම සඳහා රු 25,000ක මුදලක් අල්ලස් ලෙස ලබාගැනීමේ චෝදනාව මත අදාළ පොලිස් පරීක්ෂකවරයාව අත්අඩංගුවට පත්ව ඇත.

ඊයේ (03) සවස වැලිසර ආර්ථිකයට ගමන් කරන මාර්ගයේ දී අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අදාළ අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

අත්අඩංගුවට ගත් පොලිස් පරීක්ෂකවරයා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *