ලොරියකට යටවී සිසු සිසුවියන් 6ක් රෝහලේ
අලදෙණිය, නුගවෙල පාසල් හන්දියේ මාර්ගය අයිනේ සිටි සිසුන් පිරිසක් සහ මවක එම මාර්ගයේ ගමන් ගත් ලොරියකට යටවීමෙන් තුවාල ලබා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.
වයස අවුරුදු 11- 12 අතර දැරියන් හතර දෙනෙකු, දරුවන් දෙදෙනකු සමග මවක මෙසේ තුවාල ලබා ඇති අතර, ඉන් දරුවන් කීප දෙනකු අසාධ්‍ය තත්වයෙන් පසුවන බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.
අලදෙණිය පොලිස් වසමේ නුගවෙල පාසල් හන්දියේ නුවර කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ දී මෙම අනතුර සිදුව ඇත.
අනතුරට හේතු වූ ලොරිය කුරුණෑගල සිට මහනුවර දෙසට ධාවනය වී ඇත.
අනතුර සම්බන්ධයෙන් ලොරියේ රියදුරා අත් අඩංගුවට ගෙන ඇති අතර ඔහු බීමත්ව සිටියේ දැයි දැන ගැනීමට පරීක්ෂණයක් කිරීමට නියමිත බව අලදෙණිය පොලිසිය කියයි.
මහනුවර කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාර මහතාගේ අධීක්ෂණ මත අලදෙණිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

