Latestදේශීය

ජනාධිපතිවරණයට පොහොට්ටුවෙන් ඉදිරිපත් වීමට අපේක්ෂා කරන ධම්මික

(යොහාන් භාසුර)

මෙරට ලොකුම දේශපාලන පක්‍ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ  ජනාධිපති අපේක්‍ෂකයා තීරණය කරන තෙක් බලාසිටින බවත් අපේක්‍ෂකයා ලෙස තමා නම් කළ හොත් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට සූදානම් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසිද්ධ ව්‍යාපාරික ධම්මික පෙරේරා මහා අද (5) පෙරවරුවේ පැවසීය.


කොළඹ 7, රොස්මිඩ් පෙදෙසේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තිනයන්ගේ මධ්‍යස්ථානය වෘවිත කිරීමෙන් පසුව ඒ මහතා එසේ පැවසීය.  
 
ජනාධිපති අපේක්‍ෂක ධූරය බලාපොරොත්තුවෙන් පොදුජන පෙරමුණට වැඩ කරන බව කී ඒ මහතා මැතිවරණය ජය ගැනීමට වැඩකටයුතු කරරමින් සිටින බව ද සඳහන් කළේය.

වර්තමානය වන විට රටෙන් සියයට 44 ක් ඡන්දය දෙන්නේ කාටද යන්න තීරණය කර නොමැති බවත් වේදිකාවල කොතරම් ලොකුවට කථා කළත් ආර්ථිකය දියුණු කරන්නෙ කෙසේද යන්න කිසිවෙක් නොකියන බවත් ඒ මහතා කීය.

වේදිකාවට පැමිණිය හොත් ආර්ථිකය දියුණු කිරීමේ වැඩපිළිවෙළ කිවයුතු බැවින් ඒ වැඩපිළිවෙළ සකස් කරමින් සිටින බව ද කී ධම්මික පෙරේරා මහතා සමහර දේශපාල පක්‍ෂ අවුරුදු දෙකක් තිස්සේ ජනාධිපතිවරණ ප්‍රචාරයන් කළ ද රටේ ආර්ථිකය හදන්නෙ කොහොම යැයි පැහැදිළි කර නොමැති බව ද පැවසීය.  

ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් ඉදිරි දින 90 තුළ ආර්ථිකය හදන හැටි කිවයුතු බවත් ආර්ථිකය හදන හැටි කිව්වම ජනාතාවට ආත්මශක්තියක් ලැබෙන බවත් ඒ මහතා කීය.

@ලංකාදීප


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *