Latestදේශීය

යලිත් ආර්ථික අර්බුදයක් ඒවි – බන්දුල ගුණවර්ධන

පීල්ලෙන් පිට පැන වෙනත් මාර්ගයක ගියොත් රට යළිත් බරපතල අවධානමකට ලක් වෙන බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ(22) පාර්ලිමේන්තුවේදී පැවසීය.

 විපක්ෂය විසින් ගෙනා සභාව කල් තැබීමේ විවාදයට එක්වෙමින් ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසීය. වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ 2001 වර්ෂයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මූල්‍ය කළමනාකරණ පනත වරද්දා ගත් නිසා මෙම ආර්ථික අර්බුදයට රටට මුහුණදීමට සිදු වූ බවයි.


වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.


පළමු වරට ආර්ථිකය බංකොළොත් වුණේ 2001 වර්ෂයේදී . ප්‍රථම වරට ආර්ථික වර්ධන වේගය සෘණ 1.4ක් බවට පත් වෙමින් 2001 වර්ෂයේදිත් දිත් පසුගිය වසරට සමාන තත්වයක් රට තුළ ඇති වුණා. එවකට චන්ද්‍රිකා බණ්ඩාරනායක රජය 2003 අංක 3 දරණ මූල්‍ය කළමනාකරණ පනත පාර්ලිමේන්තුවට ඉදිරිත්පත් කළා.කේ.එම්.චොක්සි මහතා තමයි එවකට මුදල් අමාත්‍යවරයා වුණේ.එම පනතේ ප්‍රධාන කරුණු 03ක් පිළිබඳ සඳහන් වුණා. එකක් තමයි, 2003 දී බලාත්මක කරන ලද මුල් රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (වගකීම) පනත මගින් 2006 සිට ඉදිරියට අයවැය හිඟය දල දේශීය නිෂ්පාදිතයෙන් 5% නොඉක්මවන ලෙසට සීමාවක් පැනවූවා. 2003 දී ක‍්‍රියාත්මක කරන ලද මුල් පනත මගින්, රාජ්‍ය ණය 2013 අවසානය වන විට ඇස්තමේන්තුගත දළ දේශීය නිශ්පාදනයෙන් සියයට 65 නොඉක්මවිය යුතු බවද එමගින් වැඩිදුරටත් නියම කර තිබෙනවා. තුන්වෙනි කරුණ තමයි, රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත මගින් රජයේ භාණ්ඩාගාර ඇපකර මත වගකීම් සම්බන්ධයෙන්ද සීමා පැනවීම. මෙම මූල්‍ය කළමනාකරණ පනත වරද්ද ගත් නිසා තමයි ආර්ථිකය බංකොළොත් වුණේ. නැවතත් අනාගතයේදී මෙවැන් ත්ත්වයක් ඇති නොවීමට මෙහි කරුණු 03ක් ඉදිරිපත් කර තිබෙනවා.
එකක් තමයි මෙම රටේ ණය බරතාවය 2032 වසර වන විට 95% කට වඩා අඩු මට්ටමකට පවත්වාගෙන යාම.ඒ වගේම දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව 2022 වසර වන විට 34.6 %ක්ව පැවති රාජ්‍ය මූල්‍ය අවශ්‍යතාව 2032 වසර වන විට 13% වඩා අඩු මට්ටමකට පවත්වාගෙන යාම . එමෙන්ම ණය සේවාකරණය ද ඉතාමත් වැදගත් වනවා. 2022 වර්ෂයේ 9.4% ක්ව පැවති ණය ගෙවීම් අනුපාතය 2027 වසර වන විට 4.5% කට වඩා අඩු කර ගැනීම අවශ්‍ය වනවා.

මෙම ක්‍රමය අනුගමනය නොකළොත් ජාත්‍යන්තර සහාය අපට ලැබෙන්නේ නැහැ.මෙම ඉලක්ක 03ට අනුව අපි කටයුතු කළ යුතුයි.
ලබන වසරේදී, එනම් 2025දී ඇමරිකානු ඩොලර් 5018 විදේශ ණය පරතරයක් ඇති වෙනවා. එවිට එවකට පවතින ආණ්ඩුව මේ සම්බන්ධයෙන් දැනගෙන සිටිය යුතුයි. ණය ගිවිසුමේ එය පුරෝකථනය කර තිබෙනවා. එ් සඳහා ණය ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පොරොන්දු වී තිබෙනවා.ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකු ණය ලබා දීමට පොරොන්දු වී තිබෙනවා. එම ජාත්‍යන්තර සහයෝගිතාව නැතිව අපට කටයුතු කළ නොහැකියි.

පසුගිය වසරේ වැට් බදු පනවමින් , පොළී අය කරමින් භාණ්ඩාගාරය උපයාගෙන් තිබෙන්නේ ට්‍රිලියන 3ක් පමණයි. ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ඇති වූයේ මෙම වසරේ පමණයි. මීට පසු එන ආණ්ඩුවලට තිබෙන එක් කොන්දේසියක් තමයි ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ඇති කර ගත යුතුයි කියලා.

මෙම පීල්ලෙන් පිට පැනල වෙනත් මාර්ගයක ගියොත් මහා අර්බුදයකට මුහුණ දීමට සිදු වෙනවා. මෙය. මේ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නොගිය රටක් නැහැ.
මෙයින් පිට පැන්නොත් ඇතිවන අර්බුදයට සියලු දෙනාටම මුහුණ දෙන්න සිදු වෙනවා. මෙම අර්බුදය විසඳගැනීම සඳහා පැහැදිළි තාක්ෂණික ක්‍රමවේදයක් අවශ්‍යයි. ජාත්‍යන්තර සහයෝගය නැතිව ඉදිරියට යාමට නොහැකියි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?