Latestදේශීය

පාර්ලිමේන්තුව 100%ක් නිවැරදි නැතිබව කතානායකම කියයි

රටේ උත්තරීතරම ආයතනය ලෙස සැලකෙන පාර්ලිමේන්තුවේත් සියයට සීයක්ම නිවැරදි දේ සිදුවන්නේ යැයි තමන් විශ්වාස කරන්නේ නැතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමට පැවැති වැඩසටහනකදී කතානායකවරයා මේ බව කියා සිටියේය.

කෙසේ නමුත් පාර්ලිමේන්තුව සියයට සීයක් වැරදිද නොවන බවද පිළිගත යුතුව ඇති බවද කතානායකවරයා එහිදී පැවසුවේය.

‘මන්ත්‍රිවරුන්ට විවිධ චෝදනා එල්ල වෙනවා. එම චෝදනාවල පදනම් නැතුවා නොවෙයි. එතුමන්ලා සහ මාධ්‍ය අතර වෙනස් තත්ත්වයන් පවතින්නේ. මේ දෙපාර්ශ්වයම ආරක්ෂා කර ගතයුතුයි. ජනතාව අතරට ගෙන යායුත්තේ නිවැරදි පුවත්.

පාර්ලිමේන්තුව ගැන වැරදි පුවතක් පළ කළොත් විශාල හානියක් සිදු වෙනවා. වෙනත් කවර හෝ ආයතනයක් සම්බන්ධයෙන් පළ කෙරෙන වැරදි පුවතක් හා පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් පළ කෙරෙන වැරදි පුවතක් අතර විශාල වෙනසක් තියෙනවා. මොකද වෙනත් රටවල මෙන් නොව අපේ රටේ පාර්ලිමේන්තුව ගැන ජනතාව දැඩි අවධානයකින් පසුවන නිසා.

එසේම ගොරකා දඩමස් කිරීමටත් දඩමස් ගොරකා කිරීමටත් මාධ්‍යයට හැකියාව තියෙනවා . නමුත් මාධ්‍ය එතැනට පත් විය යුතු නැහැ’

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *