Latestදේශීය

ඉතිහාසගතවන ප්‍රභල සටනකට නීතිඥයෝ සැරසේ

අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට අධිකරණ සේවා සංගමයේ සභාපති සහ ලේකම් කැඳවීමට ක්‍රියා කළ හොත් ඉතිහාස ගත වන ප්‍රබල අරගලයකට නීති ක්ෂේත්‍රයේ අංශ කිහිපයක සාමුහික එකඟතාවන් ගොඩ නැගෙමින් තිබෙන බව වාර්තා වේ.

මෙම එකඟතාවන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ප්‍රමුඛ නීතිඥ සංගම් රැසක් සහ මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරුවරයන්ගෙන් සෑදුම් ලත් අධිකරණ සේවා සංගමය මූලික වී සිටී. ඊට අමතරව, රටේ සමස්ත අධිකරණ පද්ධතියේ ම කාර්ය මණ්ඩල ද එවැනි විරෝධතාවල දී සහයෝගය ලබා දීමට සූදානම් ව සිටී.

පසුගිය 30 වෙනි දින කොළඹට රැස් වූ මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරුවරුන් ඒකමතිකව තීරණය කර තිබෙන්නේ අධිකරණ සේවා සංගමයේ සභාපති රුවන් දිසානායක, එම සංගමයේ ලේකම් ඉසුරු නෙත්තිකුමාර තම සංගමය වෙනුවෙන් සාමුහික අවබෝධයකින් ක්‍රියා කර ඇති බව ය. එම නිසා එම නිලධාරීන් රැක ගනිමින් අධිකරණ පද්ධතියේ ම ස්වාධීනත්වය වෙනුවෙන් ශක්තිමත්ව පෙරට ඒමට අවස්ථානුකූල ව ක්‍රියා මාර්ග සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ.

@Lanka Truth




Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *