සුරේන්ද්‍ර වසන්ත ඝාතනය පසුපස කෝටි 70ක ආරවුලක්?
කෝටිපති ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනයට හේතුව කෝටි හැත්තෑවක මුදල් ආරවුලක් මතදැයි ඝාතන සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පරීක්ෂණ කණ්ඩායම්වල අවධානය යොමුව තිබේ.
මාකඳුරේ මදුෂ සහ ක්ලබ් වසන්ත අතර මෙම ආරවුල කලක පටන් පැවති ඇත.
මාකඳුරේ මධුෂ් ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කිරීමෙන් පසු මෙරටදී පොලිසිය සමඟ ඇති වූ ගැටුමකදී වෙඩි වැදී මිය ගියේය.
අදාළ ගනුදෙනු සිදුව ඇත්තේ ඔවුන් ඩුබායි රාජ්‍යයේ සිටියදී බවද සඳහන්ය.
කෙසේ වෙතත් මාකඳුරේ මදුෂ් සහ කන්ජිපානි ඉම්රාන් ඉතා සමීප මිතුරන් වන අතර ඒ අනුව මෙම ඝාතනය මෙහෙයවා ඇත්තේ දැනට ප්‍රංශයේ දේශපාලන රැකවරණ මත සිටින කන්ජිපානි ඉම්රාන් විසින් බවද පොලිසිය සැක කරයි.
ක්ලබ් වසන්තට ඊයේ දිනයේ ආයතනය විවෘත කිරීමේ ආරාධනා පත ලබා දී ඇත්තේ දකුණු පළාතේ ධනවත් ව්‍යාපාරිකයකු හරහා බවද පොලිසිය සොයාගෙන ඇති අරත එ් අනුව ඔහු සම්බන්ධයෙන්ද පරීක්ෂණ ආරම්භ කිරීම් කර ඇත.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

