Latestදේශීය

ධම්මිකගේ නිවස වටලා උද්ඝෝෂණය කරයි

 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාගේ නිවස ඉදිරිපිට ඊයේ දින විරෝධතාවයක් පැවැත්වින.

රජය විසින් තීරණය කර ඇති පරිදි වතු කම්කරුවනට රුපියල් 1700ක වැටුප් වැඩි කිරීම ලබා දෙන්න ලෙස ඉල්ලමින් මෙම විරෝධතාව පැවැත්වුවේ වතු කම්කරුවන් පිරිසක් විසිනි.

විරෝධතාකරුවන් වතු අධිකාරි සංගම් කාර්යාලය ඉදිරිපිටද විරෝධතාවයක් පවත්වා සංගම් සභාපතිවරයාගේ පින්තූරයක්ද මාර්ගයේ පුළුස්සන ලදී.

කෙසේ නමුත් ධම්මික පෙනේරා මහතාගේ නිවසේ ඉදිරිපිටට දැඩි පොලිස් ආරක්ෂාවක් කැඳවීමට කටයුතු කර තිබිණි.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *