දුරකථන සිද්ධියට අදාල වීඩියෝවට නීතිය ක්‍රියාත්මක කළ යුතුයි
දඹුල්ල නගරයේ ජංගම දුරකථන අලෙවිසැලකින් දුරකථනයක් හා උපාංග සොරකම් කිරීමට අදාළ වීඩියෝ පටය සමාජ මාධ්‍යයට මුදාහැරි පුද්ගලයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ආචාර්ය නීතීඥ ප්‍රතිභා මහානාම හේවා මහතා පවසයි.
සොරකම් කරන කාන්තාවන් දෙදෙනා සමඟ කුඩා ළමයෙකු ද සිටි අතර ඔහුගේ රුවද වීඩියෝවේ පටිගත වී තිබේ.
දැනුවත්ව හෝ නොදැනුවත්ව සොරකම් කරන ළමයෙකුගේ වීඩියෝ පට සමාජ මාධ්‍යයට මුදා හැරීම කිසිසේත් අනුමත කළ නොහැකි බව ඒ මහතා පෙන්වා දෙයි.
එවැනි පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට අවස්ථා පවතින බවත්
එවැනි පුද්ගලයන්ට නීතිය දැඩිව ක්‍රියාත්මක කල යුතු බවත් හෙතෙම තව දුරටත් කියා සිටියේය.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

