Latestවිදේශීය

ගාසා තීරයෙන් වහා පලායනු – ඊශ්‍රායලය නියෝග කරයි

හමාස් සංවිධානය සහ ඊශ්‍රායල අතර මාස 9ක් පුරා සිදුවන යුද ගැටුම් සමථයකට පත් කිරීමේ සාකච්ඡා කටාර් රාජ්‍යයේදී යළි ආරම්භ වෙද්දී ලක්ෂ 3කට අධික පලස්තීන ජනතාවට ගාසා තීරයේ අගනුවරින් වහාම පලා යන ලෙස ඊශ්‍රායල හමුදාව නියෝග කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. හමුදා නි‍යෝගය මත එසේ පලා යමින් සිටින පලස්තීන ජනතාවට ඊශ්‍රායල ආරක්ෂක හමුදාව සැඟවී සිට වෙඩි තබන බවට ජනතාව ප්‍රකාශ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

සියලු දෙනාම ගාසා තීරයේ අගනුවරින් මධ්‍යම ප්‍රදේශයට පලා යා යුතු බවට ගුවන් මඟින් නිවේදනය ඇතුළත් පත්‍රිකා බෙදා හරිමින් ඊශ්‍රයාල හමුදාව එම නියෝගය සිදු කර ඇතැයි ද, ඊශ්‍රායලයේ මීළඟ යුද මෙහෙයුම ගාසා නුවර සිදු කිරීම එහි අරමුණ වී ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

ඊශ්‍රායල හමුදාව විසින් පලස්තීන ජනතාවට නිකුත් කර ඇති නියෝගය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ද දැඩි අවධානයට ලක්වී ඇති අතර, හමාස් සංවිධානය සමඟ යුද්ධය ආරම්භ වීමෙන් පසු සියලු ජනතාවට ගාසා තීරයේ අගනුවරින් පලා යන ලෙස ඊශ්‍රායල හමුදාව නියෝගයක් නිකුත් කර ඇත්තේ දෙවැනි වතාවට බව ද වාර්තා වේ.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *