ඇන්ඩර්සන් සමුගනී
වර්තමානයේ ටෙස්ට් පිටියේ රැඳී සිටි ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයා වූ එංගලන්තයේ ජෙම්ස් ඇන්ඩර්සන්ගේ ටෙස්ට් දිවිය ඊයේ නිමා විය. සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවති පළමු ටෙස්ට් තරගය නිමා වීමත් සමඟ ඇන්ඩර්සන් ටෙස්ට් දිවිය අවසන් කළ අතර, මේ තරගයෙන් එංගලන්තයට ඉනිමක සහ ලකුණු 114ක ජයක් අත්විය.
21 හැවිරිදි වියේදී 2003 වසරේ මැයි 22 දා සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදීම ටෙස්ට් පිටියට පිවිසි ඇන්ඩර්සන් එම ක්‍රීඩාංගණයේදීම ටෙස්ට් දිවිය නිමා කිරීම විශේෂත්වයක් විය. 42 හැවිරිදි විය පෙනි පෙනී (අවු. 41 දින 348) තරග දිවිය නිමා කළ ඇන්ඩර්සන් මේ සඳහා ඔහු සිය පාවහන් යුගලයේ විශේෂ සටහන් තබා තිබුණේ එක් සපත්තුවක 2003.05.22 ලෙසත් අනෙක් සපත්තුවේ 2024.07.10 ලෙසත් සටහන් කරමිනි.
ටෙස්ට් පිටියේ තෙවැනි වැඩිම කඩුලුලාභියා ලෙස පිටියෙන් සමුගන්නා විට ඇන්ඩර්සන් තරග 188කදී කඩුලු 704ක් දවාගෙන තිබූ අතර, ඔහුට ඉදිරියෙන් මුත්තයියා මුරලිදරන් (800) සහ ශේන් වෝන් (708) සිටිති. වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාවක් දවාගත් ලොව පළමු වේග පන්දු යවන්නා වන ඇන්ඩර්සන් ලකුණු 42කට කඩුලු 7ක් බිඳ දමමින් ඉනිමක හොඳම පන්දු යැවීම සටහන් කර ඇති අතර, ලකුණු 71කට කඩුලු 11ක් බිඳ දමමින් තරගයක හොඳම පන්දු යැවීම සටහන් කර තිබේ. ඉනිමක කඩුලු 5ක් හෝ ඊට වැඩියෙන් බිඳ දැමූ අවස්ථා 32ක් සටහන් කර ඇති ඔහු තෙවරක් තරගයක කඩුලු 10ක් බැගින් දවා ගෙන තිබේ.
@දිනමිණ