ලක්ෂ 180ක වංචාවට සැරයන්වරයෙක් අත්අඩංගුවට
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වැටුප් ලේඛන අංශයේ සිදුවී ඇතැයි කියන රුපියල් ලක්ෂ 180 ක මුදල් වංචාවක් සම්බන්ධයෙන් මාණ්ඩලික සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
ලද පැමිණිල්ලක් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශ 1මගින් සිදු කළ විමර්ශනයකින් අනතුරුව සැකකාර මාන්ඩලික සැරයන්වරයා අත්අඩංගුවට ගෙන ඇත.
විශ්වාසය කඩ කර වංචා කර සාවද්‍ය පරිහරණය කිරීම සැකකරුට එරෙහිව ඇති චෝදනාවේ.
දණ්ඩ නීති සංග්‍රහ පනත වගන්ති 386,389,400, 457 යටතේ සහ 1999 අංක 28 දරණ පනතින් සංශෝධිත 1982 අංක 12 දරණ පොදු දේපළ විෂයෙහිලා සිදුකරනු ලබන වැරදි පිළිබඳ පනතේ 5 (1)(2) වරදවල් බව පොලිසිය සඳහන් කරයි. අත්අඩංගුවට ගත් සැකකාර මාන්ඩලික සැරයන්වරයා 39 හැවිරිදි කිරිවත්තුඩුව පිටිපන දකුණු පදිංචිකරුවෙකි.
@ලංකාදීප
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

