Latestදේශීය

ජපානයේදී අනුරට උණුසුම් පිළිගැනීමක්

ඉදිරි දින කිහිපයේ ජපානයේ ශ්‍රී ලාංකික ජන හමුවක් සහ ව්‍යාපාරික හමුවක් සඳහා සහභාගි වීමට ජපානයට ගිය ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායකව Narita ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් විසින් උණුසුම් ලෙස පිළිගෙන තිබේ.

ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායකගේ මෙම සංචාරයේදී ලබන ඉරිදා (21) සවස 2.00ට ජපානයේ Tsukuba හි Yatabe Citizen Hall හිදී එරට වෙසෙන ලාංකිකයන් ඇමතීමේ ජන හමුව පැවැත්වෙන අතර ලබන සඳුදා (22) ජපානයේ සිටින ව්‍යාපාරිකයින්ගේ හමුවක්ද පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

ඉන් අනතුරුව ජපානයේ ඉහළ පෙළේ රාජතාන්ත්‍රික හමුවීම් කිහිපයක්ම පැවැත්වීමට නියමිත බවත් වාර්තා වේ.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *