රනිල් කීයටවත් ජනාධිපතිවරණයට එන්නේ නැහැ – දයාසිරි ජයසේකර
ස්ථිර වශයෙන්ම ඉදිරි ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා තරඟ නොවදින බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.
තමන් රනිල් වික්‍රමසිංහ මහතා ගැන දන්නා බවත් එනිසා ඔහු ඉදිරි මැතිවරණයට තරග නොවදින බව සියයට සීයක්ම සහතික බවත් හෙතෙම කියා සිටියි.
කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලදී.
ජනාධිපතිවරයාට පොදු ජන පෙරමුණේ සහාය නැතිව ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නොහැකි බවත් දැනටමත් පොදු ජනපෙරමුණ වෙනත් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බවක් පෙනෙන්නට ඇති බවද හෙතෙම කියා සිටී.
එවන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කළහොත් රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්ව සිටින පිරිසටද විශාල අභියෝගයකට මුහුණ දීමට සිදුවනු ඇති බවද මන්ත්‍රීවරයා තවදුරටත් එහිදී පැවසුවේය.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

