සජිත් හමුවේ ෆොන්සේකා ප්‍රභලයි
සමගි ජන බලවේගයේ සභාපති ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා එම තනතුරෙන් නෙරපා හරින බව ප්‍රකාශ කර සති දෙකක් ඉක්මවා ගිය ද මේ වනතුරුත් එය ක්‍රියාත්මක කළ නොහැකිව තිබේ.
ඒ සම්බන්ධයෙන් පසුගිය 21 වෙනි දින දේශය පුවත්පතට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න ප්‍රකාශ කර තිබෙන්නේ සරත් ෆොන්සේකා සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට කෘත්‍යාධිකාරී කමිටුව රැස් නොවූ බව ය. නොදුරු දිනයක දී එය රැස්වන බවත් ප්‍රකාශ කර තිබේ.
එමෙන් ම, එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර දේශය පුවත්පතට ම ප්‍රකාශ කර තිබෙන්නේ සරත් ෆොන්සේකා දෙබිඩි ප්‍රතිපත්ති ඇති පුද්ගලයෙකු සහ කාගේ හෝ කොන්ත්‍රාත්තුවක් ක්‍රියාත්මක කරන බව ය. මේ ආකාරයෙන් සමගි ජන බලවේගයේ සභාපති සහ නායකයා අතර ගැටුම තව දුරටත් වර්ධනය වෙමින් ඉදිරියට යන බව පැහැදිලි වී තිබේ. සමගි ජන බලවේගයට අලුතින් එක් වූ ආචාර්ය නාලක ගොඩහේවා ගම්පහ දිස්ත්‍රික් සංවිධායක ලෙස පත්කර ඇති බවත් සරත් ෆොන්සේකාගේ කැලණිය ආසනයට පත් කිරීමටත් සූදානම් වන බවටත් වාර්තා පළ වෙමින් තිබේ.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

