පොහොට්ටු බහුතරය මහින්දට සමුදෙයි – රනිල්ට අතදෙයි
(අංජුල මහික වීරරත්න)
ජනාධිපතිවරණයේදී පොදුජන මන්ත්‍රීවරුන් බහුතරයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට තීරණය කර ඇතැයි ආණ්ඩුව නියෝජනය කරන කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් ඇතුළු මන්ත්‍රීවරුන් 30 දෙනකු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අද (25)දැනුම් දී තිබේ.
කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම හමුව සිදුවී ඇත. මේ මොහොතේ පක්ෂයේ බහුතරයක් දෙනා ජනාධිපතිවරයාට සහය පළ කිරීමට තීරණය කර ඇති බැවින් පක්ෂයෙන් වෙනත් අපේක්ෂකයකු ඉදිරිපත් කළහොත් එය පක්ෂයේ ඡන්ද පදනමට හානි විය හැකි බවද ඔවුන් හිටපු ජනාධිපතිවරයාට පෙන්වා දී තිබේ.
එබැවින් පක්ෂයෙන් වෙනත් අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන ලෙසද ඔවුන් හිටපු ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තාවේ.
එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත්තේ තමන් පක්ෂය සමඟ සාකච්ඡා කර කඩිනමින් තීන්දුවක් ලබා දෙන බවයි
@ලංකාදීප
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

