කෝටා ගෝරි මත ඇදෙන රනිල් බැසිල් සාකච්ඡා
ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා අතර තීරණාත්මක් සාකච්ඡාවක් පැවත්වී ඇත.
මෙහිදී ජනාධිපති අපේක්ෂකත්වය පිලිබදව හා ගොඩ නැගෙන්නට නියමිත සන්ධානය පිලිබදව දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.
මෙහිදී ජනාධිපතිවරයා විසින් පලාත් පාලන ආයතන සදහා සියයට තිහක් පලාත් සභා සදහා සියයට තිස් පහක් හා පාර්ලිමේන්තුව සදහා සියයට හතලිහ බැගින් කෝටාවක් ශ්‍රීලංකා පොදුජන පෙරමුණට ලබා දෙන බව ප්‍රකාශ කර තිබේ.
නමුත් බැසිල් රාජපක්ෂ විසින් පළාත් පාලන ආයතන සදහා සියයට අනූවක් පාර්ලිමේන්තුව සදහා සියයට හැත්තෑවක් සහ පළාත් සභා සදහා සියයට හැත්තෑවක් ඉල්ලා ඇතැයිද වාර්තා වෙයි.
ඒ අනුව මෙම සාකච්ඡාව විසදුමකින් තොරව අවසන් ව අතර ඉරිදා දිනයේ නැවත ජනාධිපතිවරයා හා බැසිල් රාජපක්ෂ මහතා අතර සාකච්චාවක් පැවැත්වීමට නියමිතය.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

