පොලිස්පති පත්කරන්න රනිල්ට බැරි බව කියයි
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් මේ වනවිට පොලිස්පතිවරයාට ලබාදී ඇත්තේ වාරණ නියෝගයක් පමණක් බැවින් පොලිස්පති තනතුර හිස්වී නොමැති බවට ජනාධිපතිවරයාට නීති උපදෙස් ලැබී ඇති බව ජනාධිපතිවරයාට සම්බන්ධ රජයේ ආරංචි මාර්ග පවසයි.
21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව පොලිස්පති ධුරය හිස්ව නොමැති අවස්ථාවක ජනාධිපතිවරයාට වැඩබලන පොලිස්පතිවරයෙක් පත් කිරීමට හැකියාවක් නොමැති අතර එබැවින් අදාළ නීති ගැටලුව විසඳා ගන්නා තුරු පොලිස්පති ධුරය එලෙස තැබෙනු ඇති බව රජයේ ප්‍රකාශකයකු සඳහන් කළේය.
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය (24) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.
ඒ, ඔහු පොලිස්පති ලෙස පත්කිරීම අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබු මූලික අයිතිවාසිකම් පෙත්සම් 09ක් විභාගයට ගැනීමට තීන්දු කරමිනි.
එසේම පෙත්සම් විභාගය නිමවන තෙක් පොලිස්පති ධුරය සඳහා නීත්‍යනුකූලව සුදුසු පුද්ගලයෙකු පත්කරන ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපතිවරයාට නියම කළේය.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

