පාන් ගෙඩියේ ග්‍රෑම් 450ක් නැහැ – පැමිණිළි හතර වටින්ම
ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ අඩු බර පාන් සම්බන්ධයෙන් පැමිණිලි ලැබෙන බව පාරිභෝගික අධිකාරිය පවසයි.
මේ නිසා නියමිත බර නොමැති හා මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව පාරිභෝගික අධිකාරිය වෙළඳ සැල් හිමියන්ට දැනුම් දෙයි.
එහි සභාපති ටී.අයි. උඩුවර මහතා සඳහන් කළේ අදාළ වැටලීම් සිදුකරන ලෙස විමර්ශන අංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවය.
පසුගිය කාලයේ කොළඹ දිස්ත්‍රික්කයේ නීත්‍යානුකූල කිරුම් මිනුම් උපකරණ සම්බන්ධයෙන් සිදුකළ වැටලීම් වලදී 210 දෙනෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇත.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

