මැතිවරණයට අවශ්‍ය මුදල් දෙන්න සූදානම් – රංජිත් සියඹලාපිටිය
මැතිවරණ කොමසාරිස් වරයා විසින් ඉල්ලා සිටින ආකාරයට ඉදිරි ජනාධිපතිවරණය සඳහා මුදල් ලබාදීමට මහා භාණ්ඩාගාරය සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
අමාත්‍යවරයා සඳහන් කළේ පසුගිය අයවැයෙන් මැතිවරණ කටයුතු සඳහා රුපියල් බිලියන 10 ක මුදලක් වෙන් කළ අතර, මුදල් ප්‍රවාහ අතර කිසිදු ගැටුමක් නොවන ආකාරයට එම මුදල් නිදහස් කිරීමට තරම් ආර්ථිකය මනා ලෙස කලමණාකරණය කර ඇති බවයි.
ඒ අනුව මැතිවරණ කොමසාරිස් කාර්යාලය රුපියල් බිලියන 08 කට ආසන්න වියදම් ඇස්තමේන්තුවක් එවා ඇති බවත් , මුද්‍රණ කටයුතු , ආරක්ෂක කටයුතු , ඉන්ධන ඡන්ද පෙට්ටි සැකසීම ආදී හදිසි ඕනෑම අවශ්‍යතාවයක් වෙනුවෙන් එම මුදල් නිදහස් කිරීමට මහා භාණ්ඩාගාරය සූදානම් බවයි ඔහු පවසා සිටියේ.
යම් හෙයකින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් සංඛ්‍යාව වැඩි වී ඇස්තමේන්තු ගත වියදම වැඩි වුවහොත් දැනට අවිනිශ්චිත කටයුතු සඳහා මුදලක් ඇති බැවින් ඒ සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් ඇති නොවන බවද අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේ ය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

