Latestදේශීය

පොහොට්ටුවේ 105ක් රනිල්ට

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇමතිවරු සහ මන්ත්‍රීවරු 75 ක් එක්සත් ජාතික පක්ෂ සභාපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතාගේ කොළඹ නිවසට සහ පක්ෂ කාර්යාලයට අද (29) පස්වරුවේ ගොස් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය පළ කර තිබේ.

මෙම ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් අතර අමාත්‍ය ප්‍රසන්න රණතුංග, මහින්දානන්ද අලුත්ගමගේ,කංචන විජේසේකර, රමේෂ් පතිරණ,කනක හේරත්, ජානක වක්කුඹුර,මොහාන් ප්‍රිදර්ශන ඇතුළු ඇමැතිවරු සහ මන්ත්‍රීවරු වූහ.

එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සමඟ පැවැති මෙම හමුවේදී අදහස් දක්වමින් පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පවසා ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනපතිවරණ ජය තහවුරු කිරීම සඳහා තමන් කැපවී ක්‍රියා කරන බවයි.

එක්සත් ජාතික පක්ෂ සභාපතිවරයා පැවසූයේ පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට පත් වූ මන්ත්‍රීවරුන් එකසිය පහක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් දැනට එක්වී සිටින බවයි.

පොදු ජන පෙරමුණ වෙනම ජනාධිපති අපේක්ෂකවරයකු ඉදිරිපත් කිරීමට ගත් තීරණයක් සමඟ සමගි ජන බලවේගයේ ජනාධිපතිවරයාට සහයෝගය පළ කිරීමට සූදානමින් සිටින මන්ත්‍රීවරුන්ගේ ගමන ද තවත් වේගවත් වන බව එජාප සභාපතිවරයා කීය.

@ලංකාදීප

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *