Latestදේශීය

ජන අරගල සන්ධානයේ ජනාධිපති අපේක්ෂක නීතිඥ නුවන් බෝපගේ

ජන අරගල සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නීතිඥ නුවන් බෝපගේ පත්කළ අතර ඊයේ (29) කොළඹ මහජන පුස්තකාලයේදී ඒ බව ප්‍රකාශයට පත් කරන ලදි.

එම මාධ්‍ය හමුවට ලහිරු වීරසේකර, වසන්ත මුදලිගේ, තරිඳු උඩුවරගෙදර, නූර් මොරීන්, ධර්මසිරි ලංකාපේලි, මොහොමඩ් ඉෂ්රි, දයාපාල තිරාණගම, අජන්ත අලහකෝන්, පී. ඩී. සරණපාල, සිතාරා කුලරත්න, දුමින්ද නාගමුව, රාජ්කුමාර් රජීව්කාන්ත්, ජයන්ත අමරසිංහ, පුබුදු ජයගොඩ, ජූඩ් නාමල් ප්‍රනාන්දු, වී. මහේන්ද්‍රන්, විජේපාල වීරකෝන් ඇතුළු ජන අරගල සන්ධානයේ විධායක කමිටු සාමාජික සාමාජිකාවන් සහභාගී විය. ජනාධිපතිවරණ අපේක්ෂක ලෙස බෝපගේ මහතාගේ නම ප්‍රකාශයට පත් කරන ලද්දේ ලහිරු වීරසේකර විසිනි. තමිල් භාෂාවෙන් රාජ්කුමාර් රජීව්කාන්ත් සහ ඉංග්‍රීසි භාෂාවෙන්  සිතාරා කුලරත්න එම ප්‍රකාශය ඉදිරිපත් කරන ලදී.

නුවන් බෝපගේ කොළඹ, කොලොන්නාව ප්‍රදේශයේ උපත ලැබූ අතර කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය ද කොළඹ නීති විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ද හදාරා ශ්‍රේෂ්ඨාධිකරණ  නීතීඥයෙකු ලෙස වෘත්තියේ නිරත වෙයි.  තමන් උපන් ප්‍රදේශය වන මීතොටමුල්ල කුණු කන්ද ඉවත් කිරීමේ සටනට නායකත්වය දුන් නුවන් බෝපගේ තවත් මහජන අරගල ගණනාවක පුරෝගාමී කාර්‍යභාරයක් ඉටු කළේය.

නීතීඥයෙකු ලෙස ඔහු විදුලි බලාගාරයක් නිසා සිදුවූ පරිසර දූෂණයෙන් පීඩාවට පත් චුන්නාකම් ජනතාව වෙනුවෙන් පෙනී සිට එම ජනතා සටනට නෛතික ජයග්‍රහනය ලබා දෙන ලදි. විශේෂයෙන් මානව හිමිකම්, පරිසරයේ ආරක්ෂාව, පනත් කෙටුම්පත් සහ ව්‍යවස්ථා සංශෝධන ආදී ක්ෂේත්‍ර වල ජනතාව වෙනුවෙන් විශාල නෛතික ජයග්‍රහණයන් අත්පත් කර දීමට පුරෝගාමීව කටයුතු කරන ලදි. ජන අරගල අවකාශයේ ඔහුගේ තීරණාත්මක භූමිකාව නියෝජනය වූයේ 2022 අරගලයේදීය. එහිදී ගාලුමුවදොර පිටියේ ගෝඨා ගෝ ගම තුළ අරගල ක්‍රියාකාරිකයකු ලෙසද, අරගලයට එල්ල වූ රාජ්‍ය මර්දනය තුළදී නීතීඥයෙකු ලෙසද ඔහුගේ මැදිහත්වීම සුවිශේෂී විය. ජනතා අරගලයන් හී සක්‍රීය මෙන්ම නායකත්වය පිරි සුවිශේෂී භූමිකාවක් නියෝජනය කරනා ඔහු ජන අරගල සන්ධානයේ විධායක සභිකයෙකු ලෙස කටයුතු කරයි.

මාධ්‍ය ඒකකය

ජන අරගල සන්ධානය

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *