Latestදේශීය

රාජපක්ෂවරු ආයෙත් රටම අන්දලා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ශ්‍රී ලංකා පොදුජන පෙර⁣මුණේ දේශපාලන මණ්ඩල රැස්වීමට ඊයේ (29) සහභාගී වී ඇත්තේ එම පක්ෂය නියෝජනය කරන ⁣පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 16 දෙනෙකු පමණක් බව පක්ෂ ආරංචි මාර්ග පවසයි.

මෙවර ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේන් අපේක්ෂකයකු ඉදිරිපත් කළයුතු බවට වන යෝජනාව දේශපාලන මණ්ඩලයට ඉදිරිපත් කර ඇත්තේ පක්ෂ ලේකම් සාගර කාරියවසම් මහතා විසිනි.

එම යෝජනාවට විරැද්ධව සහභාගී වූ මන්ත්‍රීවරුන් 11 දෙනෙකුම විරැද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබේ.

දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 16 දෙනා හැරැණු විට දේශපාලන මණ්ඩල රැස්වීමට සහභාගී වූ ⁣බොහෝදෙනා විවිධ සංවිධාන මට්ටමින් ගෙන්වූ අය බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලයේ සාමාජිකයකු නොවන මහර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිනියගේ දියණිය පවා අද පැවති දේශපාලන මණ්ඩල රැස්වීමට සහභාගී වී ඇති බව ද එම ආරංචි මාර්ග පවසයි.

කෙසේවෙතත් දේශපාලන මණ්ඩල රැස්වීමේදී පොහොට්ටුවෙ ජනාධිපති අපේක්ෂකධූරය බළාපොරොත්තුවෙන් සිටි ධම්මික පෙරේරා මහතාගේ නමක් ගැන සඳහන් නොවීම විශේෂත්වයකි.

එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත්තේ මෙය පක්ෂයේ තීරණය බවට එයට සියලුම දෙනා එකග විය යුතු බවත්ය.

@Repoter


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *