Latestදේශීය

රනිල්ට හදවත අහිමි වෙයි

ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට දේශපාලන පක්ෂයක් හෝ නිල ඡන්ද ලාංඡනයක් නොමැති තත්වයට ඇද වැටුණු රනිල් වික්‍රමසිංහ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස හදවත ලකුණෙන් ඉදිරිපත් වීමට කළ උත්සාහයත් මුළුමනින් ම අසාර්ථක වී තිබේ.

පසුගිය දිනවල හදවත ලකුණින් ඔහු පැමිණෙන බවට විශාල ප්‍රචාරයක් ගෙන ගොස් තිබිණි. එහෙත් මේ පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නායක ප්‍රකාශ කර තිබුණේ එම ලකුණ ලබා දිය නොහැකි බව ය. ලියාපදිංචි ඡන්ද ලකුණු අතර හදවත ලකුණ නොමැති හෙයින් ලබා දිය නොහැකි බවයි.

මේ වනවිට රනිල් වික්‍රමසිංහ මැතිවරණය ඉලක්ක කර ගනිමින් ගෙන ගිය ප්‍රචාර ගණනාවක් මුළුමනින් ම අසාර්ථක වීම අතරට මෙය ද එක් වී තිබේ.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *