ඉන්දියාවේ කේරළ නායා යාමෙන් මියගිය සංඛ්‍යාව 194 දක්වා ඉහළ යයි
ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පසුගියදා සිදු වූ නාය යෑමෙන් මිය ගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව 194 දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අධික වර්ෂාව හේතුවෙන් නාය ගිය කේරළ ප්‍රාන්තයේ වයනාඩ් දිස්ත්‍රික්කයේ කඳුකර පළාතකින් මේ මළ සිරුරු සොයාගෙන ඇති අතර, අතුරුදන් වූ තවත් පුද්ගලයන් 187 දෙනකු සොයා අඛණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මක වන බව ද වාර්තා වේ.
නාය යෑමෙන් දින කිහිපයක් ගතවී ඇති බැවින් අතුරුදන්වූවන් පිළිබඳ බලාපොරොත්තු බිඳ වැටී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. ඊයේ දිනයේදිත් එම පළාතට අධික වර්ෂාවක් පතිත වී ඇති අතර, මෙහෙයුම් කටයුතු දුෂ්කර වී ඇතැයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේය. වයනාඩ් දිස්ත්‍රික්කයේ සිට ගලා බසින චාලියර් ගංගාවේ කිලෝමීටර් 30ක පමණ දුරින් ඊයේ තවත් මළ සිරුරු 40ක් හමුවී තිබේ. නාය යෑමෙන් තුවාල ලැබූ පුද්ගලයන් 186 දෙනකු රෝහල්ගත කර ඇති අතර, තවත් පුද්ගලයන් 5,500කට අධික පිරිසක් නිරුපද්‍රිතව බේරා ගැනීමට මෙහෙයුම් කණ්ඩායම් සමත් වී තිබේ.

@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

