Latestදේශීය

පාන් රුපියල් 100ට දෙන්න පුළුවන් – බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති

පාන් ගෙඩියක් රුපියල් 130ක මිලකට අලෙවි කිරීම ප්‍රායෝගික නොවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා පැවසීය.

ග්‍රෑම් 450 පාන් ගෙඩියක් රුපියල් 130ක මුදලකට අලෙවි කළ යුතු බව පසුගියදා පාරිභෝගික කටයුතු අධිකාරිය පසුගියදා දැනුම් දෙන ලදී.

අඩුබර හා නියමිත මිලට පාන් අලවි කරනවාද යන්න මේ වනවිට රට පුරා වැටලීම් ක්‍රියාත්මක වෙයි.

ඒ හේතුවෙන් නියමිත බරට පාන් නිෂ්පාදනය කරන ලෙස බේකරි හිමියන්ගෙන් ඉල්ලා සිටින බව සභාපතිවරයා පැවසීය.

තිරිඟු පිටි මිල අඩු කිරීමට රජය අදාළ සමාගම්වලට බලපෑම් කරන්නේ නම් පාන් ගෙඩියක් රුපියල් 100 අලෙවි කළ හැකි බව පැවසීය.

රජය මේ මොහොතේ කලයුත්තේ බේකරි හිමියන් පිටුපස පැන්නීම නොව තිරිඟු පිටි මිළ අඩුකිරීම බව පැවසීය.

මේ මොහොතේ තිරිගු පිටි මිළ සැලකිය යුතු අගයකින් අඩුකිරීමට හැකි බව වැඩිදුරටත් පැවසීය.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *