ෂාරුක්ගේ පුතා ශාරුක්ගේ නිවස මිළදී ගනී
බොලිවුඩයේ රජු ලෙස සැලකෙන සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ගේ පුත් ආර්යන් ඛාන්, සිය මව සහ පියා වරක් ජීවත්වූ දිල්ලි නගරයේ සුඛෝපභෝගී මහල් නිවාසයක මහල් දෙකක් ඉන්දීය රුපියල් කෝටි 37 ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 129 ක් පමණ) වියදමින් මිලදී ගෙන ඇතැයි ඉකොනොමික් ටයිම්ස් පුවත්පත වාර්තා කළේය.
ඒ සඳහා ආර්යන් ඛාන් ඉන්දීය රුපියල් කෝටි 2.64 ක මුදලක් මුද්දර ගාස්තු ලෙස ගෙවා ඇති බවද එම පුවත්පත සඳහන් කළේය. ෂාරුක් ඛාන් සිය රංගන දිවියේ මුල් අවධියේදී ගෞරි ඛාන් සමඟ මෙම ගොඩනැගිල්ලේ ජීවත්ව ඇති බවත් ආර්යන් ඛාන් මිලදී ගත් මහල් දෙක ගෞරි ඛාන් ඇයගේ අතින් අලංකාර කර ඇති බවත් ඉකොනොමික් ටයිම්ස් පුවත්පත වාර්තා කළේය.
මෙම මහල් නිවාසයේ පහත මහල් දෙකේ අයිතිය ෂාරුක් ඛාන් සතු වන බවද එම පුවත්පත පෙන්වා දුන්නේය. එම නිසා ආර්යන් ඛාන්ට මෙම ගොඩනැගිල්ලේ විශේෂ වැදගත්කමක් තිබෙන බවද ඉකොනොමික් ටයිම්ස් පුවත්පත පෙන්වා දුන්නේය.

@ලංකාදීප
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

