පැරිස් ඔලිම්පික් 2024 – ඇමරිකාව පසුකර චීනය ඉදිරියෙන්
ඔලිම්පික් ආධිපත්‍ය පතුරවමින් සිටින ප්‍රබල අමෙරිකාව පසුපසට ඇද දමමින් මෙතෙක් දිනාගත් රන් පදක්කම් අතුරින් චීනය පෙරමුණට පැමිණ සිටී. චීනය වෙඩි තැබිමේ ඉසව්වලින් රන් පදක්කම් 4ක් දිනා ගෙන ඇති අතර, දිය පිමි ඉසව්වලින් රන් පදක්කම් 4ක් දිනා ගත්තේය. පිහිනුම්, මේස පන්දු, මලල ක්‍රීඩා හා පාපැදි ඉසව්වලදී රන් පදක්කම් එක බැගින් දිනා ඉදිරියෙන් සිටී.
අවසන් වරට පැවති 2020 ටෝකියෝ ඔලිම්පික් උලෙළේදී අමෙරිකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රන් පදක්කම් 39ක් දිනා ගනිද්දී චීනය එක් රන් පදක්කමකින් පසුපසට ගියේය.
එබැවින් මෙවර ඔලිම්පික් උලෙළේදී ආරම්භයේ සිට අමෙරිකාවට වඩා චීනය රන් පදක්කම් දිනා ගැනීමේදී යම් පරතරයක් ඇතිව සිටීම කැපී පෙනේ. පැරිස් ඔලිම්පික් උලෙළ නිමා වීමට තවත් දින 9ක් ඇති බැවින් ඔලිම්පික් පදක්කම් සටහන දෙස වැඩි අවධානයක් යොමුව පවතී.

@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

