ආන්ඩුවට බහුතරය අහිමි වෙයි – විපක්ෂය විශ්වාස භංගයකට සැරසෙයි
පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමට විපක්ෂය සූදානම් වෙමින් සිටී.
ඒ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ ඇතිවී තිබෙන බෙදීම මත ආණ්ඩු පක්ෂයට බහුතරය අහිමි වී ඇතැයි සලකමෙනි.
මේ වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දක්වමින් සීයකට ආසන්න මන්ත්‍රී පිරිසක් සිටින අතර මීට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එකසිය විස්සකට ආසන්න පිරිසක් ආණ්ඩුව පවත්වාගෙන ගියහ.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇතිවී තිබෙන බෙදීම මත නාමල් රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායමට විපක්‍ෂයේ අසුන් පැනවීමට කටයුතු සූදානම් කෙරෙමින් ඇත.
මෙම තත්ත්වයක් සමග ආණ්ඩු පක්ෂයේ බහුතර බලය යම් අභියෝගයකට ලක්ව ඇතත් රාජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙකු ද පොදු ජන පෙරමුණ දරණ මතය සමග සිටින අතර ඔවුන් විපක්ෂයේ අසුන් ගන්නේ නම් අමාත්‍ය ධූරවලින් ඉවත්වීමටද සිදුවනු ඇත.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

