Latestදේශීය

ෆොන්සේකාත් ජනාධිපති සටනට

(සුජිත් හේවාජුලිගේ)

ජනාධිපතිවරණයට තරඟ වදින ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් අද (5) ඇප මුදල් තැන්පත් කෙරිණ.

ඔහු ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයකු ලෙස තරග වැදීමට නියමිතය.

මෙයට අමතරව වෘත්තීයවේදී ධම්මික රත්නායක මහතාද අද ඇප  මුදල් තැන්පත් කර ඇති බව කොමිසම සඳහන් කරයි.

සරත් ෆොන්සේකා මහතා  2010 වසරේ පැවති ජනපතිවරණයට ඉදිරිපත්වී  ඉන් පරාජයට පත්විය.

මේ අනුව  ජනාධිපතිවරණයට ඇප  මුදල්  තැන්පත් කර ඇති සංඛ්‍යාව 17 ක් දක්වා ඉහළ යන්නේය.

මේ අතර මෙවර  ජනාධිපතිවරණයට වැඩිම අපේක්ෂකයන් සංඛ්‍යාවක්  ඉදිරිපත්  වනු ඇතැයි  මැතිවරණ විශ්ලේෂකයෝ සඳහන් කරති.

@ලංකාදීප


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *