කල්පිටියෙන් රත්තරන් සොයාගනී
කල්පිටිය තොරයඩි කලපුවේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, ජාවාරම්කරුවන් විසින් කලපුවේ ගිල්වා තිබූ රත්‍රං කිලෝ 04 ග්‍රෑම් 740 ක් අඩංගු ඇසුරුමක් නාවික හමුදා භාරයට ගෙන තිබෙයි.
එම රත්‍රං අඩංගු ඇසුරුම ප්‍රවාහනය කළ බවට සැකකෙරෙන ඩිංගි යාත්‍රාවක්ද තොරයඩි වෙරළ ප්‍රදේශයේ තිබියදී නාවික හමුදා භාරයට ගෙන ඇත.
නාවික හමුදා මෙහෙයුම් හමුවේ රැගෙන යාමට නොහැකිව, ජාවාරම්කරුවන් විසින් මෙම රත්‍රං අඩංගු ඇසුරුම පසුව රැගෙන යාමේ අපේක්‍ෂාවෙන් මෙලෙස තොරයඩි කලපුවේ ගිල්වා තබන්නට ඇතැයි විශ්වාස කෙරෙයි
මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් රත්‍රං කිලෝ 04 ග්‍රෑම් 740 ක තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට නාවික හමුදාව කටයුතු කර තිබෙයි
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

