Latestක්‍රීඩාදේශීය

මංතීරු නීති උල්ලංඝනය නිසා අරුණ දර්ශන ඔලිම්පික් පිටියෙන් ඉවතට

(ප්‍රින්ස් ගුණසේකර)

ශ්‍රී ලංකාවෙන් ඔලිම්පික් ඉතිහාසයේ අවසන් පූර්ව වටයට පිවිසි පළමු ක්‍රීඩකයා බවට පත්වූ අරුණ දර්ශන මංතීරු නීතිය උල්ලංඝනය කිරීමේ වරද හේතුවෙන් අවසන් මොහොතේ ඔලිම්පික් තරග බිමේ නුසුදුස්සකු බවට පත් කරයි. තරග නීති රීති අනුව තරග ආරම්භයේ සිට මීටර් 400 අවසන් වනතුරු ඔහුට නියමිතව තිබූ මංතීරු අංක 4 පමණක් භාවිතා කළ යුතු වුවද මීටර් 200ක් පමණ දිව යද්දී 3 වැනි මංතීරුව ස්පර්ශ කිරීමේ වරදට අරුණ දර්ශනගේ ඉරණම තීරණය වූවේය.

අරුණ දර්ශන ඊයේ එම තරගය තත්පර 44.75කින් නිම කළද එය ප්‍රතිඵල සටහනට එක් නොවිණි. ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ රාත්‍රී 11.05ට පැරිස් ස්ටේට් ඩී ෆ්‍රාන්ස් ධාවන පථයට පිවිසි අරුණ දර්ශන ගත කළ කාලය වලංගු වූයේ අවසන් මහා තරගයට සුදුසුකම් නොලැබුවද ලබන වසරේ පැවැත්වෙන ටෝකියෝ ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියට සුදුසුකම් ලබා ගැනීමට හැකිව තිබිණි.

එමෙන්ම වසර 26කට පෙර 1998දී ජපානයේ ෆුකෝකාහිදී සුගත් තිලකරත්න තත්පර 44.61කින් පිහිටුවා තිබූ මීටර් 400 ශ්‍රී ලංකා වාර්තාව ආසන්නයට පැමිණියේය.

කෙසේ වුවද 1948දී ලන්ඩන් ඔලිම්පික් උලෙළේදී ඩන්කන් වයිට් හා 2000 සිඩ්නි ඔලිම්පික් උලෙළේදී සුසන්තිකා ජයසිංහ පදක්කම් දිනා ශ්‍රී ලංකාවට කීර්තිය ගෙනදුන් පසු අරුණ දර්ශන අවසන් පූර්ව වටය දක්වා පැමිණි ශ්‍රී ලංකාවේ එකම ක්‍රීඩකයා බවට පත්විය.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *